Our resplendent island has been embellished with beautiful Buddhist temples, each with its unique history and surroundings. One of the lesser known religious centers is the spectacular Don Dines Library and Meditation Center which is known by one name “Pniketha” (Pinketha means the field of merit).
“Pinketha” was founded in 2014 by Sasan Keerthi Sri N.H.Chandrapala and Mrs. Lalitha Chandrapala. Our founder setup this center on a three acre land caller Ambahamulla, Where Mr. N.H.Chandrapala and his sibling’s ancestral home existed, in memory of his parents late Mrs. K.P.Sesawathie and Mr.N.H.Don Dines.
Pinketha is situated in a quaint village in Yakkalamulla in the Southern Province of Sri Lanka. The center is established on a hillock giving one a panoramic view overlooking the mist laden forests extending all the way to the Sinharaja rainforest . The center provides beautiful and peaceful environment conducive to religious activities. This center has been established with the objective of creating a modern Buddhist lifestyle for the Dhamma followers and to create awareness of the noble doctrine of the Buddha.
Our Vision :
To provide facilities for, and to foster the study and the propagation of the Buddha Dhamma.
Objective :
- To promulgate the noble doctrine of the Buddha.
- To contribute to the betterment of Buddhasasana.
- To promote the interests of Buddhist Spiritual and social development.
- To create and foster a spirit of understanding among all people for humanitarian needs.
- To facilities persons with disabilities.
Religious activities :
The center conducts monthly Dhamma sermons on every forth Saturday of the month covering various topics, with the participation of eminent Buddhist Monks’. A meditation program is conducted every month. 67 Dhamma Sermons have been conducted from its inception to the present day. The center has set at its aim rebuilding of interest in the propagation of Buddhism and its restoration to its right place. It sets out to do so by providing the center as a forum for delivering sermons and at the same time making reading materials available in its library and the reading room. The center is visited by the young and old.
A “Pindapatha program” (An almsgiving) was held in collaboration with the Divisional Secretariat of Yakkalamulla in 2016. The devotees were also taper on a pilgrimage to Anuradhapura with the assistance of well-wishers.
At the end of every religious program tea is offered to all participants. Several hundreds of men, women and children gather at the main hall to listen to Dhamma Sermons.
The Library :
The center maintains the library for the benefit of the members of the library as well as for non-members for reading and reference. The library consists of many books on Buddhism, thousands of books published by authors of national and international fame and weekend English and Sinhala newspapers are also made available for the members.
Pinketha Housing Project
Pinketha which is committed to boost the well being of the needy has donated ten brand new houses. The beneficiaries are chosen after a careful evaluation by the governing body.
The houses are constructed as per specifications given by the governing body. The houses consist of specious dormitories and newly constructed baths, toilets and a dining room. The center has a accomplished the target of completing its annual housing project for 2015-2019 on schedule.
Social and Development activities.
Among the silent services rendered by “Pinketha” are providing development assistance to temples without facilities in the area and for the development of schools. The center ia renowned for carrying out projects for social welfare as awarding scholarships. To Sinhala Buddhist children facing economic difficulties. The center has engaged faithfully in several social and community care programs such as providing wheel chairs for the disabled and dry rations are also provided to destitute people in the area.
Our founder dedicated all his life and energy for the service of humanity. By his indomitable courage and determination he has achieved success in everything he ventured. As a result of the various projects carried out by his center people have been benefitted immensely. He ha been able to get one support of many of his friends and relatives too for the activities of the center. In 2016 the center commenced the conduct of English classes to assist those interested in improving their knowledge of English language.
The founder and guiding light of “Pinketha” was bestowed with the honorary title of “Sasana Keerthi Sri” by Sri Kalyana Sanagri Maha Sangha Sabha of Shyamopali Maha Nikaya in appreciation of his outstanding services and incredible role and contribution towards propagation of the Buddha Dhamma.
Sumana Vithanage,
Administration Secretary,
Pinketha Meditation Center & Don Dines Memorial Library.
යක්කලමුල්ල පිංකෙත – මනරම් බොදුබිම
අප මනරම් දිවයින අද්විතීය ඉතිහාසයක් හා වටපිටාවකින් හෙබි අලංකාරවත් වූ බොදු වෙහෙර විහාර වලින් සුසැදිය. “පිංකෙත” නමින් හඳුන්වන දොන් දිනෙස් පුස්තකාලය හා භාවනා මධ්‍යස්ථානය තවත් එවැනි වූ ආගමික කේන්ද්‍රස්ථානයකි.
ශාසන කීර්ති ශ්‍රී එන්.එච්.චන්ද්‍රපාල මැතිතුමා හා ලලිතා චන්ද්‍රපාල මැතිණිය විසින් 2014 වසරේ ජුනි මස 27 වන දින පිංකෙත ආරම්භ කරන ලදී. අඹගහමුල්ල නම් වූ අක්කර 3 ක පමණ භූමි භාගයක පිහිටි එන්.එච්.චන්ද්‍රපාල මැතිතුමා හා ඔහුගේ සොයුරු සොයුරියන් හැදී වැඩුණු පාරම්පරික නිවහන පිංකෙත නමින් ස්ථාපනය වූයේ තම සෙනෙහෙබර දෙමව්පියන් වූ එන්.එච්.දොන් දිනෙස් හා කේ.පී.සේසවතී යන මහත්ම මහත්මීන් සිහිවනු පිණිසය. ශ්‍රී ලංකාවේ දකුණු ලක පිහිටි යක්කලමුල්ල නම්වූ රමණීය ග්‍රාමයේ පිංකෙත පිහිටා ඇත. සිංහරාජ වැසි වනාන්තරය කෙත් පැතිර පවත්නා මීදුමෙන්ගැවසි වන පෙත හාත්පසින් දර්ශනය වන කුඩා කඳුගැටයක පිංකෙත කේන්ද්‍රගතව ආගමික කටයුතු කෙරෙහි හිතකර සාමකාමී පිරිසරයක් මෙහි නිර්මාණයවී ඇත. උතුමු වූ බෞද්ධ දර්ශනය පිළිබඳව අවබෝධ්‍ය ලබාදෙන අතර නව බෞද්ධ ජීවන රටාවක් කෙරෙහි බෞද්ධ අනුගාමිකයන් යොමුකරලීම පිංකෙත බිහිකිරීමේ මුඛ්‍ය පරමාර්ථයයි.
අපගේ දැක්ම :
බුදු දහම අධ්‍යයනය හා පෝෂණය හා ප්‍රචලිත කිරීමට අවශ්‍ය පහසුකම් සපුරාලීම.
අරමුණු :
උතුම් වූ බෞද්ධ දර්ශනය පතුරැවාලීම.
බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට දායකවීම.
බෞද්ධ අධ්‍යාත්මික හා සමාජ සංවර්ධනය කෙරෙහි සැලකිළිමත්වීම.
මිනිස් අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කිරීම.
අබාධිතයින්ට අවශ්‍ය පහසුකම් සපයාදීම.
ආගමික කටයුතු :
සුප්‍රකට බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහභාගි කොටගෙන විවිධ මාතෘකා යටතේ උතුම් වූ ධර්මදේශනා සෑම මසකම සිව් වන සෙනසුරාදා දිනවල පැවැත්වේ. භාවනා වැඩසටහනක් ද සෑම මසකම පැවැත්වේ. ආරම්භයේ සිට වර්තමානය දක්වා ධර්ම දේශනා 67 ක් පවත්වා ඇත. බුදු දහමට නිවැරදි තැන ලබාදීමත්, ප්‍රචලිත කිරීමත් පිංකෙත භාවනා මධ්‍යස්ථානයෙහි අරමුණ වී ඇත. පුස්තකාලයෙහි ඇතුළත් පතපොත මගින් හා ධර්ම මණ්ඩපයක් තුළින් කෙරෙන ධර්ම දේශනා ඇසුරින් මෙයට මගපාදා ඇත. බාල තරුණ වැඩිහිටි සැවොම මෙම මධ්‍යස්ථානයට පැමිණෙති. 2016 වසරේදී යක්කලමුල්ල ප්‍රදේශීය මහ ලේකම් කාර්යාලය සහසම්බන්ධව පිණ්ඩපාත වැඩසටහනක් පැවැති අතර බැතිමතුන් රැගෙන අනුරාධපුර වන්දනා කරවීමේ චාරිකාවක් ද පැවැත්විණ. ධර්ම දේශනා ශ්‍රවණයට සිය ගණන් ජනයා පැමිණෙන අතර අවසානයේ දී තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වේ.
පුස්තකාලය :
සාමාජික හා සාමාජික නොවන සැම විවෘත පුස්තකාල ආයතනයක් පවත්වා ගෙන යන අතර විමර්ශන හා බැහැරදීමේ කටයුතු සිදුවේ. බෞද්ධ පොත පත මෙන්ම දේශීය හා විදේශීය ගත්කතුවරුන්ගේ ප්‍රකාශන වලින් සමන්විතය. සති අන්ත ඉංග්‍රීසි, සිංහල පුවත්පත් ද කියවීමට තබා ඇත.
පිංකෙත නිවාස ව්‍යාපෘතිය :
දිළිඳු බවින් පීඩිත ජනතාව සඳහා මේ වනවිට නවතම නිවාස 10 ක් ඉදිකර පරිත්‍යාග කර ඇත. පාලක සභාව මගින් කෙරෙන නිසි ඇගයීමක් මගින් නිවාසලාභීන් තෝරාගැනේ. පාලක සභාව මගින් නිර්දේශිත ක්‍රමවේදයකට අනුව නිවාස ඉදිවේ. ඉඩ පහසුකම් සහිත නිදන කාමර, නාන කාමර හා නවීන පහසුකම් සහිත වැසිකිළ ද ඊට අයත්වේ. 2015 – 2019 වර්ෂ සඳහා නියමිත නිවාස ඉදිකිරීම් සැලසුම් ඉලක්ක මේ වනවිට සපුරා ඇත.
සමාජ හා සංවර්ධන කටයුතු:
පිංකෙත මගින් ඉටුවන නිහඩ සේවාවන් අතර වෙහෙර විහාරස්ථානවල සංවර්ධන කටයුතු සඳහා සහාය පළකෙරේ. පාසල් සංවර්ධන කටයුතු වලට ද දායක වේ. සමාජ සුභසාධක කටයුතු, ශිෂ්‍යත්ව පිරිනැමීම් ආදිය ප්‍රදේශයේ ආර්ථික අපහසුකම් ඇති ළමුන් සඳහා ඉටු කෙරේ. අබාධිතයින්ට රෝද පුටු හා අත්වාරු සැපයීම ද පසුගිය කාලය තුළ සාර්ථකව ඉටු වූ ප්‍රජා සත්කාරක සේවාවකි. දුගී දුප්පත් ජනතාව කෙරෙහි අවධානය යොමුකර වියලි ආහාර සලාක මළු පරිත්‍යාගය ද සිදුවිය.
අපගේ නිර්මාතෘවරයාණෝ තම ජීවිතය හා ශක්තිය කැපකොට මිනිස් පූජාවට සේවය සැලසීම සිදු කෙරේ. ඔහුගේ අප්‍රතිහත ධෛර්යයත් අධිෂ්ඨානයත් නිසාවෙන් ඔහු අත තැබූ සෑම කර්තෞව්යක්ම සාර්ථක වී ඇත. පිංකත මගින් දියත් කළ විවිධ ව්‍යාපෘති තුළින් බොහෝදෙනා මහත් ඵල ලබා ඇත. ආයතනයට අයත් කටයුතු කරගෙන යාමට තම මිතුරන් හා ඥාතීන් ද සහයෝගය ලබාදෙයි. ඉංග්‍රීසි දැනුම දියුණු කරගැනීමට අපේක්ෂාවෙන් පසුවන්නන්හට සහාය දැක්වීම සඳහා ඉංග්‍රීසි පන්තියක් පැවැත්වීමට කටයුතු කර ඇත.
බුදුදහම ප්‍රචලිත කිරීමට දායකවීමත් ඒ සඳහා ඉටුකෙරෙන ප්‍රශංසනීය කාර්යභාරයත් සුවිශේෂී සේවාවන් ද සැළකිල්ලට ගනිමින් ඒ සඳහා දක්වන ගෞරව ප්රණාමයක් ලෙස ශ්‍රී කළ්‍යාණ සාමාග්‍රී මහා සංඝ සභාවේ ශ්‍යාමෝපාලි මහා නිකාය මගින් අපගේ නිර්මාතෘවර මාර්ගෝපදේශකයාණන් වන එන්.එච්.චන්ද්‍රපාල මැතිතුමා වෙත “ශාසන කීර්ති ශ්‍රී” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ බවද සටහන් කරනු කැමැත්තෙමි.
සුමන විතානගේ
පරිපාලන ලේඛකාධිකාරී,
පිංකෙත භාවනා මධ්‍යස්ථානය සහ දොන් දිනෙස් අනුස්මරණ පුස්තකාලය.